මත්ද්‍රව්‍ය ජාලවලට දැඩි ප්‍රහාරයක්: “රටම එකට” මෙහෙයුමෙන් සැකකරුවන් 734ක් කොටු!

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාල මැඩපැවැත්වීම සඳහා සිදුකරන වැටලීම් තවදුරටත් දැඩි කරලා තියෙනවා.

2026 මැයි 14 වෙනිදා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වාර්තා අනුව,

  • හෙරොයින් වැටලීම් 249ක්
  • අයිස් වැටලීම් 309ක්
  • කොකේන් වැටලීම් 2ක්
  • ගංජා කිලෝ 3යි ග්‍රෑම් 316ක්
  • ගංජා පැළ 2127ක්
  • කුෂ් වැටලීම් 42ක්
  • හෂීෂ් ග්‍රෑම් 8ක්
  • මත්පෙති 747ක්
  • මදනමෝදක ග්‍රෑම් 466ක්
  • මාවා ග්‍රෑම් 89ක්

සොයාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් අතරතුර සැකකරුවන් 734 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 9 දෙනෙකු සඳහා රැඳවුම් නියෝගද ලබාගෙන තිබෙනවා.

සමස්ත වැටලීම් සංඛ්‍යාව 786ක් වන අතර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීම සඳහා පුද්ගලයින් 5 දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම “රටම එකට” මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙන්නේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාල බිඳ දැමීමත්, ඒවාට ඇති ඉල්ලුම අඩු කිරීමත්, ජනතාව දැනුවත් කිරීමත් කියලා සඳහන් වෙනවා.

Share This