පකිස්තානයෙන් සෞදි අරාබියේ ආරක්ෂාවට සොල්දාදුවන් 8,000 ක්, ප්‍රහාරක ජෙට් යානා 18 ක් සහ ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබාදෙයි…

පකිස්ථානය සෞදි අරාබියට තම හමුදා සහ ගුවන් ආරක්ෂක උපකරණ කිහිපයක් යොදවා තිබෙන බව විදෙස් වාර්තා කියනවා.

මේ අතරට JF-17 ප්‍රහාරක ජෙට් යානා, ඩ්‍රෝන යානා සහ චීනයේ නිෂ්පාදිත HQ-9 ගුවන් ආරක්ෂක පද්ධතියක්ද ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ JF-17 ජෙට් යානා 16ක් පමණ යොදවා ඇති බවයි. තවත් සමහර වාර්තා වල නම් එම සංඛ්‍යාව 18ක් ලෙස දැක්වෙනවා.

කලාපයේ ආතතිය වැඩිවෙමින් පවතින අවස්ථාවක, සෞදි අරාබිය සහ පකිස්ථානය අතර ආරක්ෂක සහයෝගීතාවය තවත් ශක්තිමත් කිරීමක් ලෙස මේ පියවර සැලකෙනවා.

ඉස්ලාමාබාද් සහ රියාද් අතර පවතින අන්‍යෝන්‍ය ආරක්ෂක අවබෝධතාවක් යටතේ මෙම යෙදවීම සිදුකර ඇති බවයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මැද පෙරදිග ආරක්ෂක පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක, දෙරට අතර හමුදා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවද මෙම වර්ධනයෙන් පැහැදිලි වනවා.

Share This