🔷 රණවිරු සෙවණට ගිය ජනපති, විරුවන්ගේ සුවදුක් විමසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිවෙස වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා තිබෙනවා.
එහිදී රණවිරුවන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා, මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සිදු කළ කැපවීම ඇගයීමට ලක් කළා.
අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිවෙසේ සේවයේ නිරත වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමඟද සාකච්ඡා කළ ජනාධිපතිවරයා, ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් සඳහා තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් පිළිබඳවද සොයා බැලූ බව සඳහන්.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
