🔴 දිවයින පුරා විශේෂ මෙහෙයුම් : සැකකරුවන් 775ක් කොටු

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, 2026 මැයි 18 වනදාට අදාළ වාර්තාව පහතින් දැක්වේ.

පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් ගණන – 28,802
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 775
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 19
අත්අඩංගුවට ගත් දිවයින වරෙන්තුකරුවන් ගණන – 267
අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන – 177
බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් – 83
අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් – 77
රථවාහන නීති උල්ලංඝනය කිරීමේ වෙනත් වැරදි – 5,002

Share This