Satan 2 – පුටින් ලොව ප්‍රබලම මිසයිලය එලියට ගනී

RS-28 Sarmat හෙවත් “Satan 2” ලෙස ප්‍රසිද්ධ මෙම අතිශය බලවත් න්‍යෂ්ටික මිසයිලය, රුසියාව විසින් සංවර්ධනය කරමින් පවතින නව පරම්පරාවේ අන්තර් මහද්වීපීය බැලස්ටික් මිසයිල පද්ධතියක් බව සඳහන් වෙනවා.
මෙම මිසයිලය 2010 වසරේදී Russia විසින් සංවර්ධනය කිරීමට ආරම්භ කර ඇති අතර, පැරණි R-36M2 Voyevoda වෙනුවට භාවිතයට ගැනීමට සැලසුම් කර තිබෙනවා.
මෙම මිසයිලය පිළිබඳ බොහෝ තොරතුරු රහසිගත වුවත්, එය කිලෝමීටර් 10,000කට වඩා දුරට ප්‍රහාර එල්ල කළ හැකි බව සඳහන් වෙනවා. ඒ වගේම එකම මිසයිලයකින් න්‍යෂ්ටික යුධ හිස් 10ත් 16ත් අතර ප්‍රමාණයක් රැගෙන යා හැකි බවටද වාර්තා වෙනවා.
ඉදිරියේදී මෙම පද්ධතියට අතිවේගී Hypersonic Glide Vehicles 24ක් දක්වා සම්බන්ධ කළ හැකි බවටත් අනාවරණ වී තිබෙනවා.
මෙම නව මිසයිල පද්ධතිය හරහා රුසියාව උත්සාහ කරන්නේ ලෝකයට තමන් තවමත් ප්‍රබල න්‍යෂ්ටික බලවතෙක් බව පෙන්වීමටයි. එමෙන්ම United States සහ NATO රටවල් සතුව ඇති න්‍යෂ්ටික හැකියාවන්ට සමාන හෝ ඊට වඩා ඉදිරියෙන් සිටින බව පෙන්වීමටද මෙය භාවිත කරන බව විශ්ලේෂකයින් පවසනවා.
විශේෂයෙන්ම Hypersonic තාක්ෂණය සමඟ මෙම මිසයිලය භාවිත කළහොත්, දැනට ලෝකයේ තිබෙන බොහෝ missile defense systems පවා අකාර්යක්ෂම විය හැකි බවට බටහිර රටවල් කනස්සල්ල පළ කරනවා.
ඒ නිසා මෙම RS-28 Sarmat මිසයිලය, ලෝක ආරක්ෂක සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති නවතම රුසියානු අවි පද්ධතියක් ලෙස සැලකෙනවා.
