ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට සාකච්ඡාවක්
ඉන්දුනීසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා ඇතුළු දූත පිරිසක්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා එක්ක නිල හමුවක් පැවැත්වුණා. මේ හමුව 24 වෙනිදා අමාත්‍යංශයේ සංස්කෘතික අංශයේදී වෙලා තියෙනවා.
මෙකට ඉන්දුනීසියානු තානාපතිනිය Dewi Gustina Tobing මහත්මියත්, ඉන්දුනීසියානු දූත පිරිසක්ත් සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රේමතිලක මහතාත් එයට එක්වුණා.
මේ හමුව දෙරට අතර තිබෙන දිගුකාලීන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්න හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා. විශේෂයෙන් ආගමික හා සංස්කෘතික කටයුතු වල සහයෝගීතාව වැඩිදියුණු කරගන්නත් මේකෙන් අවස්ථා ලැබුණා.
ඉදිරියේදී දෙරටේ ආයතන අතර තවදුරටත් එකට
වැඩ කරන්නත් එකඟතාවයක් ඇතිවුණා.
