තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම් ඉන්දු – ලංකා සබඳතාවල අනාගතය කෙසේ වෙයිද?

ඉන්දියාවේ Tamil Nadu ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කරන්න මේ වනවිට සියලු සූදානම් කරලා තියෙනවා කියලා ඉන්දීය මාධ්‍ය කියනවා. ඒ අනුව ලබන 04 වෙනිදා පස්වරුවේ ප්‍රතිඵල නිකුත් කරන්න නියමිතයි.

ඡන්ද විමසීම පසුගිය අප්‍රේල් 23 වෙනිදා ඉතා උණුසුම් තත්වයක් යටතේ අවසන් වුණා. දැන් ඉන්දියාවට විතරක් නෙවෙයි, ලෝකේ පුරා ඉන්න ද්‍රවිඩ ජනතාවගේ අවධානයම යොමුවෙලා තියෙන්නේ මේ ප්‍රතිඵලයට.

මෙවර මැතිවරණයේ විශේෂම දේක් තමයි ඉතා උසස් ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වීම. සම්පූර්ණයෙන් 85.15%ක් වගේ ජනතාව ඡන්දය භාවිත කරලා තියෙනවා. ඒක 2021ට වඩා ලොකු වර්ධනයක්.

මේ සැරේ දේශපාලන සටනේ වැඩි අවධානයක් ගත්තේ Vijay ගේ Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය මැතිවරණයට පැමිණීමත් එක්ක.

හැබැයි ප්‍රධාන තරඟය තියෙන්නේ M. K. Stalin ගේ නායකත්වයෙන් යන Dravida Munnetra Kazhagam (DMK) සහ All India Anna Dravida Munnetra Kazhagam (ADMK) – Bharatiya Janata Party (BJP) සන්ධානය අතර.

විශ්ලේෂකයන් කියන්නේ මේ සැරේත් DMK සන්ධානයට ජයග්‍රහණය ලැබෙන්න ඉඩ තියෙනවා කියලා. TVK පක්ෂය තරුණ ඡන්දවලට බලපෑමක් කරලා තිබුණත්, අවසානයේ වාසිය DMKට යන්න පුළුවන් කියලාත් කියනවා.

මේ ප්‍රාන්ත සභාවේ මුළු ආසන ගණන 234ක්. බලය ගන්න නම් අවම වශයෙන් 118ක්වත් දිනාගන්න ඕන.

පසුගිය මැතිවරණයේ DMK සන්ධානය ආසන 159ක් ගත්ත අතර, ADMKට ලැබුණේ ආසන 75ක් විතරයි.

මේ මැතිවරණ ප්‍රතිඵලය ඉන්දියාවේ මධ්‍යම රජයටත් වැදගත්. ඒකට හේතුව තමයි තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ දෙවැනි විශාලම ආර්ථිකය තියෙන ප්‍රාන්තයක් වීම.

ඒ වගේම මේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවටත් බලපානවා. විශේෂයෙන් කච්චතිව් දූපත වගේ ගැටලුත්, ඉන්දු–ලංකා ආර්ථික සම්බන්ධතාත් ගැන තමිල්නාඩු රජය ගන්න ස්ථාවරය වැදගත් වෙනවා.

එමෙන්ම, නව පාලනය ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු ගැන ඉන්දියාවේ මධ්‍යම රජයට කරන බලපෑම, දෙරට අතර අනාගත සම්බන්ධතාටත් බලපානවා.

Share This