තමිල්නාඩු මහ මැතිවරණයේ දැනට තලපති විජේ ඉදිරියෙන්

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වෙද්දී තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

මේ වනවිට ගණන් කර අවසන් කළ ආසන 234න් ආසන 97ක පෙරමුණ ගන්න තලපති විජේගේ නායකත්වයෙන් යුතු TVK පක්ෂය සමත්ව තිබෙනවා.

මෙවර මැතිවරණයේ විශේෂ අවධානය දිනාගත් පක්ෂය බවටත් TVK පත්ව තිබෙනවා.

මේ අතර මහ ඇමති ස්ටාලින්ගේ නායකත්වයෙන් යුතු පාලක DMK පක්ෂය ලබාගෙන තිබෙන්නේ ආසන 52ක පමණ පෙරමුණක්.

එඩප්පාඩි පලනිසාමිගේ AIADMK පක්ෂය මේ වනවිට තෙවන ස්ථානයේ පසුවනවා.

ආරම්භයේදී පෙරමුණේ සිටි DMK පක්ෂය අභිබවා යමින් විජේගේ TVK පක්ෂය ඉදිරියට පැමිණ තිබීමත් මේ මැතිවරණයේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

Share This