චීන රජයේ ආධාරයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්
චීන රජයේ ආධාර යටතේ රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් අද (11) බදුල්ල ශික්ෂණ රෝහල වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.මෙම ප්රදානය සිදු කෙරුණේ ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
හොංකොංහි “Glorious Sun” පදනමේ අනුග්‍රහය මත, පූජ්‍ය මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන්ගේ මැදිහත්වීමෙන් සහ ඌව පළාත් සභාවේ සම්බන්ධීකරණය යටතේ මෙම රුධිර කාන්දු පෙරණ යන්ත්‍රය චීන රජයේ ආධාරයක් ලෙස රෝහලට ලබාදී තිබුණා.
අදාළ අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන), ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්, බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමිය, වෛද්‍යවරුන් සහ තවත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
