අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ දෙකක් – පවුල් 1000කට බලපෑම්,නිවාස 88කට අර්ධ හානි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද (15) පෙරවරු 6ට නිකුත් කළ නිවේදනයට අනුව, එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද සඳහන් වෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වනවිට බලපෑමට ලක්ව ඇති බවයි.
එමෙන්ම පුද්ගලයින් 104 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන දෙකක තාවකාලිකව රඳවා සිටින බවද දැනුම් දී තිබෙනවා.
මේ අතර, නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
