රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ පැය තුනක ප්‍රකාශයක් දෙයි

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ පැය තුනක ප්‍රකාශයක් දෙයි

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණා දෙපාර්තමේන්තුව පැය තුනක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ, මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ අරමුදල්වලින් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට පුද්ගලගයකු කළ පැමිණිල්ලකට අදාළවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කෙරුණා.

ඩිෂාන් ගුණසේකර මහතා අද (10) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20ට පමණ ඉන් පිටව ගිය බව සඳහන්.

Share This