අමෙරිකානු ගුවන් හමුදාවේ හිටපු බුද්ධි නිලධාරිනියක් – තොරතුරක් දෙන කෙනෙකුට ඩොලර් ලක්ෂ 2ක්

ඇමරිකානු ගුවන් හමුදාවේ හිටපු බුද්ධි විශේෂඥවරියක් වන Monica Witt අත්අඩංගුවට ගැනීමට හෝ ඇය පිළිබඳ වැදගත් තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය වන Federal Bureau of Investigation විසින් ඇමරිකානු ඩොලර් 200,000ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ 2013 වසරේදී ඇමරිකාවෙන් ඉවත් වී ඉරානයට පලා ගොස්, එරට රජයට ඇමරිකාවේ ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත තොරතුරු ලබා දී ඇති බවයි.

ඒ වගේම ඇය විසින් ඇමරිකානු බුද්ධි අංශවල රහස් වැඩසටහන් හෙළිදරව් කර ඇති බවත්, රහසිගතව සේවය කළ නිලධාරීන්ගේ අනන්‍යතා ඉරාන බලධාරීන්ට ලබා දී ඇති බවත් චෝදනා එල්ල වෙනවා.

එම ක්‍රියාවලිය හේතුවෙන් එම නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාවට පවා තර්ජන එල්ල වූ බව ඇමරිකානු අංශ පවසනවා.

මෙම සිද්ධිය ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් කළ ඔත්තු සේවා සිද්ධියක් ලෙස සැලකෙන අතර, FBI ආයතනය තවදුරටත් ඇය සොයා විමර්ශන පවත්වාගෙන යන බවද සඳහන් වෙනවා.

Share This