“SME Nexus” සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව (SME) ජාතික උපායමාර්ගික රාමුව එළිදකී
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) ශක්තිමත් කරන්න “SME Nexus” කියලා 2026ට නව ජාතික උපායමාර්ගික වැඩපිළිවෙළක් ඊයේ (13) නිල වශයෙන් එළිදක්වලා තියෙනවා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ ප්‍රධානත්වයෙන් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ.
මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ රටේ ආර්ථිකයේ වැදගත්ම කොටසක් වෙන SME ක්ෂේත්‍රයේ තියෙන බාධක ඉවත් කරලා ව්‍යවසායකයන්ට වැඩි වර්ධන අවස්ථා ලබාදීමයි. අද රටේ ලියාපදිංචි ව්‍යාපාර වලින් 75%කට වඩා මේ ක්ෂේත්‍රය නියෝජනය කරනවා. GDP එකට 52%ක් දායක වෙනවා. ඒ වගේම ශ්‍රම බලකායෙන් 45%කට රැකියා දෙනවා.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කියන දැක්ම යටතේ මේ සැලැස්ම සකස් කරලා තියෙන්නේ, සාමාන්‍ය ව්‍යවසායකයෙක් ඉඳලා අපනයන මට්ටමට යන්න පුළුවන් ශක්තිමත් ව්‍යාපාරිකයෙක් දක්වා ඔවුන්ව ගෙන යන්නයි.
මූලික උපායමාර්ගික දැක්ම සහ කුළුණු 11ක් පදනම්ව ගොඩනැගෙන මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන අංශ 5ක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා.
- තාක්ෂණය සහ ඩිජිටල්කරණය – SME සඳහා ඒකාබද්ධ දත්ත පද්ධතියක් සහ ඩිජිටල් මෙවලම් හඳුන්වා දෙනවා.
- ආයතන ඒකාබද්ධ කිරීම – SME සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන එකම අරමුණකට ගෙන එනවා.
- “Single Window” සේවාව – එක තැනකින්ම ලියාපදිංචි වීම සහ සේවා ලබාගැනීම පහසු කරනවා.
- නව ව්‍යාපාර ආරම්භ කිරීම පහසු කිරීම – ව්‍යාපාර ලියාපදිංචිය සරල කරනවා.
- වෙළඳපල සහ අපනයන සම්බන්ධතාවය – දේශීය ව්‍යාපාර ගෝලීය සැපයුම් දාමයන්ට සම්බන්ධ කරනවා.
- දත්ත මත පදනම් තීරණ ගැනීම – වෙළඳපල පර්යේෂණ සහ විශ්ලේෂණ වැඩි කරනවා.
- හවුල්කරුවන්ගේ කාර්ය සාධන ඇගයීම – බැංකු සහ වාණිජ මණ්ඩල වගේ අයගේ දායකත්වය බලනවා.
- සෘජු මඟපෙන්වීම – නිලධාරීන් “Relationship Officers” ලෙස පුහුණු කරනවා.
- මූල්‍ය පහසුකම් – ණය ලබාගැනීම පහසු කරලා Growth Fund එකක්ත් හදනවා.
- ව්‍යවසායකත්ව අධ්‍යාපනය – පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්වය දියුණු කරනවා.
- නීති හා ප්‍රතිපත්ති සංශෝධන – ව්‍යාපාරයට බාධා කරන නීති ලිහිල් කරනවා.
මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණාම ව්‍යවසායකයන්ට ලියාපදිංචි වීම පහසු වෙනවා, තාක්ෂණයට ලේසියෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් වෙනවා, සහ මූල්‍ය සහායත් වැඩි වෙනවා.
ඒත් සමගම රටේ අපනයන වැඩි කරලා නව රැකියා හදලා ආර්ථිකය තිරසාරව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
