කාලගුණයෙන් රතු නිවේදනයක්

ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එහි දැක්වෙන්නේ.
දිවයිනේ අනෙකුත් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.
මෙම රතු අනතුරු ඇඟවීම හෙට (20) අළුයම 03.00 දක්වා ක්‍රියාත්මකයි.
මේ අතර අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වලාකුළු සහිත අහසක් පවතිනු ඇති බව ඔවුන් සඳහන් කරනවා.
උතුරු පළාතේ සහ මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ සහ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.