PayPal සේවා පහසුකම් ශ්‍රී ලංකාවට නිල වශයෙන් හිමිවෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ලොකු වැදගත් සිදුවීමක් වුණා කියලා කියන්න පුළුවන්. අද දවසේ පත් කරලා තියෙනවා.

මේ වැඩසටහන ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

අගමැතිතුමිය එතැනදී කිව්වේ රජයේ ආර්ථික වැඩපිළිවෙළ ගොඩනැගිලා තියෙන්නේ සාධාරණත්වය, විනිවිදභාවය සහ වගකීම කියන මූලික දේවල් මත කියලා. ඒ වගේම මේ ඩිජිටල් වැඩසටහනෙන් ජනතාවට හොඳ ප්‍රතිලාභ ලැබෙයි කියලත් ඇය සඳහන් කළා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සන් කුමානායකත් කියලා තියෙන්නේ ඩිජිටල් ආර්ථිකය වැඩිදියුණු කිරීම රජයේ ප්‍රධානම වැඩසටහන් අතර එකක් කියලා.

ඉස්සර ලංකාවේ PayPal ගිණුම් තිබුණේ “Send Only” සීමාවට යටත්ව. ඒ කියන්නේ විදේශ රටවලට මුදල් යවන්න පුළුවන් වුණත්, එහෙම රටවලින් මුදල් ගන්න බැරි තත්ත්වයක් තිබුණා.

නමුත් මේ අලුත් සේවාවත් එක්ක, ඔන්ලයින් වැඩ කරන freelancersලාට, SMEs වලට, startups වලට වගේම service දෙන අයටත් දැන් තමන්ගේ ආදායම සෘජුවම ලංකාවේ බැංකු ගිණුම් වලට ගන්න පුළුවන් වෙනවා.

ආරම්භයේදී මේකට Bank of Ceylon, Commercial Bank සහ Sampath Bank එකතු වෙලා වැඩ කරනවා. ඉදිරියේදී තවත් බැංකුත් මේකට එකතු වෙන්න නියමිතයි.

රජය කියන්නේ මේකෙන් freelancers, startups, SMEs, IT sector එක, e-commerce වගේ ක්ෂේත්‍රවලට ලොකු සහනයක් ලැබෙයි කියලා. ඒ වගේම ලංකාවට එන විදේශ විනිමය ආදායමත් ඉහළ යයි කියලා බලාපොරොත්තු වෙනවා.

Share This