ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්තට වසර 5යි මාස 6ක සිර දඬුවමක්
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්තට වසර 5යි මාස 6ක සිර දඬුවමක් නියම කරලා තියෙනවා.
මේ දඬුවම දීලා තියෙන්නේ 2007දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශිය කියන චෝදනා වලට ඔහු වැරදිකරු වුණා කියලා හලාවත මහාධිකරණය තීරණය කරපු නිසා.
ඒ එක්කම, ඔහුට සිර දඬුවමට අමතරව ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන්නත් අධිකරණය නියෝග කරලා තියෙනවා.
