නව ජාතික බුද්ධි ප්‍රධානී, රාජකාරි කටයුතු අරඹයි

නව ජාතික බුද්ධි ප්‍රධානී, රාජකාරි කටයුතු අරඹයි

අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින්.

ඒ ඊයේ (01) දිනයේදී යි.

අනතුරුව වනිගසූරිය මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී සිය රාජකාරී ආරම්භ කටයුතු ආරම්භ කළා.

ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මෙලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා පත්කරනු ලැබුවා.

Share This