ai තාක්ෂණය සෞඛ්‍ය සේවයට ගේන්න සෞඛ්‍ය ඇමති නලින්ද රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් සමග සාකච්ඡා
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, AI ඇතුළු නවීන තාක්ෂණයෙන් සෞඛ්‍ය සේවාව දියුණු කිරීම සහ දෙරට අතර සෞඛ්‍ය සහයෝගිතාව වැඩිදියුණු කිරීම ගැන අවධානය යොමු කර තිබෙනවා.
රුසියාව මෙරට සෞඛ්‍ය පද්ධතිය නංවාලීමට පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත්, ලාංකික වෛද්‍යවරුන්ට උසස් වෛද්‍ය අධ්‍යාපන අවස්ථා ලබාදීමටත් එකඟතාව පළ කර තිබෙනවා.
ඒ වගේම AI තාක්ෂණය භාවිත කරමින් රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා භාවිත කරන නවීන වෛද්‍ය උපකරණ පිළිබඳවත් රුසියානු පාර්ශ්වය මෙහිදී දැනුවත් කර තිබෙනවා.
මෙරට සෞඛ්‍ය නිලධාරීන්ට රුසියාවේ සෞඛ්‍ය පද්ධතිය අධ්‍යයනය කිරීම සඳහා නිල සංචාරයකට ආරාධනා
කර ඇති අතර, ඉදිරියේදී දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් බලාපොරොත්තු වන බව සඳහන්.
