මාස පහකට වෙඩි තැබීම් 46ක්

වසරේ ගත වූ මාස පහ තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තාවී ඇති බව පොලිසිය පවසයි.
ඉන් සිදුවීම් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලිවල මෙහෙයවීමෙන් සිදුවී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියයි.
ඊට අදාළව සැකකරුවන් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩි තැබීම් සඳහා යොදාගත් ගිනි අවි 41ක් පොලිස් භාරයට ගෙනතිබේ.
එම ගිනිඅවිවලින් 27ක් පිස්තෝල වර්ගයේ ගිනිඅවි බවත් අනෙක් 14 ටී-56 වර්ගයේ ගිනිඅවි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.