ගාලු කොටුවට යන අයට පණිවිඩයක්
ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ දින හතරක් තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරනවා.
ඒ අනුව එම පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙයි.
ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ රසායනික සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්.
අදාල කාලය තුළ ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදුකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.