ශූරතාවය දිනා ගත් පාසල් කාන්තා හොකී කණ්ඩායම දිවයිනට

ශූරතාවය දිනා ගත් පාසල් කාන්තා හොකී කණ්ඩායම දිවයිනට

මැලේසියාවේ පැවති ” පෙස්ටා ” ආරාධිත හොකී තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් වයස අවුරුදු 18 න් පහළ කාන්තා මෙරූන් කණ්ඩායම , එහි ශූරතාවය දිනා ගෙන දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම තරගාවලිය මැලේසියාවේ ෆිනෑන්ග් නුවර පැවැත්වුණේ ඉකුත් 12/20 දින සිට 12/22 දින දක්වායි.
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාසැල් හොකී සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනෙකු සහභාගී වී සිටියා.
මෙම ශ්‍රී ලාංකික හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන්.ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

Share This