මහජන නියෝජිතයන්ගේ දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීමේ කමිටු වාර්තාව ජනපතිට
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබෙනවා.
ඒ, එම කමිටුවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා විසින්.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටි බව සඳහන්.