ඊශ්‍රායල කාන්තා සොල්දාදුවන් සිව් දෙනෙක් මව් රටට

ඊශ්‍රායල කාන්තා සොල්දාදුවන් සිව් දෙනෙක් මව් රටට

ගාසා තීරයේ හමාස් විසින් රඳවාගෙන සිටි කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු ඊශ්‍රායලයට ආපසු පැමිණ තිබෙනවා.

ඩැනියෙලා ගිල්බෝවා, ලිරි එල්බාග්, නාමා ලෙවි සහ කරීනා අරියෙව් යන සිව් දෙනාම කාන්තා සොල්දාදුවන් බව සඳහන්.

මෙම සිරකරුවන් ඊශ්‍රායලයට ආපසු පැමිණි බව නිවේදනය කළ විට ටෙල් අවිව් හි චතුරශ්‍රයේ සිටි පිරිසගෙන් විශාල ප්‍රීති ඝෝෂාවක් නැඟුණු බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු හමාස් විසින් නිදහස් කරන ලද දෙවන ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම මෙයයි.

ඔවුන් වෙනුවෙන් ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 200 දෙනෙකු ආපසු නිදහස් කිරීමට නියමිතයි.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 26 දෙනා ඉදිරි සතිවලදී නිදහස් කිරීමට නියමිත අතර ඔවුන් පිළිබඳ තොරතුරු හමාස් විසින් සපයනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Share This