K-pop ලෝකය සොලවන මතභේදයක් – ‘NewJeans’ Disband වෙයිද?
'NewJeans' - 'Ador' සහ 'BTS' - 'Hybe' අතර ගැටුම තිවෘ වෙයි
සංගීතයෙන් ලෝකයම ආක්‍රමණය කළ ‘k.Pop’ වලට නම් මේක එච්චර හොඳ කාලයක් නෙමෙයි..
k.Pop ලෝලීන්නම් මේ වනවිටත් දන්නවා ‘NewJeans’, ‘Hybe’ සහ ‘Ador’හි ප්‍රධාන විධායක නිලධාරී ‘Min Hee-jin’ අතර තියන මතභේදාත්මක ගැටුම ගැන,
‘දකුණු කොරියාවේ ජනප්‍රියතම බෝයි බෑන්ඩ් එකක් වන ‘BTS’ හි නියෝජිත ආයතනය වන ‘Hybe’ ආයතනය සහ එහි අනුබද්ධ ලේබලයක් වන ‘Ador’ හි ප්‍රධාන විධායක නිලධාරී ‘මින් හී-ජින්’ අතර මේ වනවිට දැවැන්ත ගැටුමක් ඇති වී තිබෙනවා.
‘මින් හී-ජින්’ ‘Hybe’ වෙත ‘NewJeans’ සම්බන්ධයෙන් චෝදනා කර ඇති අතර ‘NewJeans’ හි සංගීතය සහ පෙනුම පිටපත් කරමින් ඒ හා සමානම තවත් ගැහැණු කණ්ඩායමක් ‘Illit’ ලෙස දියත් කළ බවට ඇය Hybeට චෝදනා කරනවා.
මේ සියලු ගැටළු මැද්දට ලෝකයම හඳුනන Gobal Boy Band එකක් වෙන ‘BTS’ ලත් ගෑවිලා..
‘BTS’ කියන්නේ දකුණු කොරියාවේ පවර්ෆුල්ම බෝයි බෑන්ඩ් එක… එරටට විශාල සංචාරක ආකර්ශනයක් තියෙන්නෙත් මේ ‘BTS’ ලා නිසා..
‘BTS’ සංගීත කණ්ඩායමත් ‘NewJeans’ ලගේ සංගීත නිර්මාණ පිටපත් කරන බවට ‘මින් හී-ජින්’ චෝදනා කර ඇති බව ‘Hybe’ පවසනවා
කෙසේ වෙතත් එවැනි ප්‍රකාශයක් ඇය සිදුකලේ නැහැ කියලා තමයි ‘මින් හී-ජින්’ කියන්නේ…
තමාට අවශ්‍ය ‘NewJeans’ ආරක්ෂා කිරීම පමණක් බවයි ඇය අවධාරණය කර ඇත්තේ.
මාධ්‍ය හමුවක් පවත්වමින් ‘Ador’ හි ප්‍රධාන විධායක නිලධාරී ‘මින් හී-ජින්’ ප්‍රකාශ කරන්නේ ‘Hybe පාවා දුන්නේ මම නොවේ – මාව පාවා දුන්නේ Hybe’ යනුවෙන්.
‘මින් හී-ජින්’ එහිදී ප්‍රකාශ කළේ ඇයට ‘NewJeans’ Girl Band එක වෙත අවධානය යොමු කිරීමට අවශ්‍ය බවයි.
‘නිව්ජීන්ස්’ යනු කවුද?
2022 වසරේ දී ‘Ador’ විසින් පිහිටුවන ලද ‘NewJeans’ යනු සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් ගැහැණු සංගීත කණ්ඩායමක්.
විචාරකයින් විසින් විස්තර කරන ලද ඔවුන්ගේ සංගීතය ‘K-pop’ ලෝකයේ සහ ඉන් ඔබ්බෙහි අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඉතා කෙටි කලකින් ‘NewJeans’ සංගීත නිර්මාණ කොරියානු ප්‍රස්ථාරවල ඉහළ අගයක් වාර්තා කළ අතර ඔවුන්ගේ ජනප්‍රිය ගීතයක් වන ‘SuperShy’ 2023 වසරේ හොඳම වාර්තා කිහිපයකට හිමිකම් පෑවා..
මේ මතභේදය ආරම්භ වූයේ කෙසේද?
‘Hybe’ විසින් එහි අනුබද්ධ ලේබලය වන ‘Ador’ සහ ”Min Hee-jin” ඇතුළු එහි විධායකයින් පිළිබඳ විගණනයක් දියත් කරන බව නිවේදනය කිරීම මෙම ගැටුමට හේතුවයි.
‘BTS සහ Seventeen’ වැනි දැවැන්ත ‘K-pop’ කණ්ඩායම් නියෝජනය කරන Hybe, දකුණු කොරියාවේ විශාලතම සංගීත සමාගමයි’
2021 වසරේ දී ආරම්භ කරන ලද ‘Ador’ සමාගම එහි ස්වාධීන ලේබලයක් වන අතර එය කළමනාකරණය කරන එකම කණ්ඩායම ‘NewJeans’ වේ
”Min Hee-jin” හට Ador හි 18% ක කොටස් හිමි වන අතර ‘Hybe’ හට 80% ක කොටස් හිමිවනවා.
අනෙක් 2% ‘Ador’ හි අනෙකුත් ඉහළ විධායකයින් සතුය.
මේ සම්බන්ධයෙන් K-pop රසිකයන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
ඔවුන්ගේ රසික සමාජයේ කියන්නේ… ‘NewJeans’ එහි රැඳී සිටින්න! කුමක් වුවත්, රසිකයින් විදියට අපි ඔබ වෙනුවෙන් සිටින අතර සැමවිටම ඔබ වෙනුවෙන් සිටිනු ඇත….
මෙම තත්ත්වයන් යටතේ ‘Hybe’ හි කොටස් පසුගිය සිකුරාදා වනවිට 5% කින් පමණ පහත වැටුණු අතර, මෙම සතිය වනවිට එය 15% කින් පමණ පහත වැටී තිබෙනවා.
ඊළඟට කුමක් සිදු විය හැකිද?
මෙම කාරණාව අධිකරණයට පවා යා හැකි බවටයි ඇතැම් විචාරකයින් ප්‍රකාශ කර ඇත්තේ.
‘මින් හී-ජින්’ මාධ්‍ය හමුවේදී සඳහන් කළා ‘Hybe’ ආයතනයට විරුද්ධව නඩු පවරන බවයි.
මෙම ගැටුම විසඳීම තවදුරටත් කල් යන බවක් තමයි පෙන්නුම් කරන්නේ…
ඔය අතරේ k.Pop ලෝලීන් බලවෙලා ඉන්නවා ‘BTS’ සහ ‘NewJeans’ සංගීත කණ්ඩායම් ඩිස්බෑන්ඩ් වෙයි කියලා..
කොහොම වුණත් දැනට පවතින වාර්තා අනුව එහෙම දෙයක් කිසිසේත් වෙන්නේ නැහැ..
මේ ගැටළුකාරී වාතාවරණය තුළ සිය ඊළඟ ගීත නිර්මාණ මැයි මාසයේදී නිකුත් කිරීමට ‘NewJeans’ තීරණය කර තිබෙන පුවතක්ද වාර්තා වනවා.
එමෙන්ම ‘BTS’ සංගීත කණ්ඩායමේ නායක ‘RM’ සිය නවතම ඇල්බමයක් නිකුත් කිරීමටත් සූදානමින් ඉන්නවා කියලා තමයි වාර්තා වන්නේ.