තායිලන්තයට අද විශේෂ දවසක්

තායිලන්තයට අද විශේෂ දවසක්

සමලිංගික විවාහ නීතිගත වීමත් සමඟ රට පුරා LGBTQ යුවළ දහසකට වැඩි පිරිසක් අද විවාහ වීම ආරම්භ කර තිබෙනවා.

බැංකොක් මධ්‍යම ප්‍රදේශයේ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක මෙම විවාහ සිදුවෙමින් පවතින අතර එහිදී ජෝඩු 100 කට වැඩි පිරිසක් විවාහ වනු ඇති.

“කඳුළුවලින් පිරුණු දිගු සටනක්” ලෙස කළ අඛණ්ඩ ව්‍යාපාරයකින් පසුව අද (23) සිට මෙම නීතිය තායිලන්තයේ ක්‍රියාත්මක වනවා.

LGBTQ යුවළයන්ට දැන් අනෙකුත් යුවළ හා සමාන අයිතිවාසිකම් ඇති අතර වත්කම් කළමනාකරණය කිරීමට, උරුම කර ගැනීමට, දරුකමට හදා ගැනීමට සහ තම සහකරුගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව තීරණ ගැනීමට හැකියාව පවතිනවා.

නමුත් ක්‍රියාකාරීන් පවසන්නේ තවමත් බොහෝ නීති ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ නොවන නිසා ඔවුන් තවත් වෙනස්කම් සඳහා සටන් කරන බවයි.

තායිලන්තය LGBTQ ජනයා සඳහා දිගු කලක් තිස්සේ තෝතැන්නක් ලෙසයි සැලකෙන්නේ.

මේ වන විට බැංකොක් අගනුවර සමලිංගික ජෝඩු 311ක් පමණ, සුඛෝපභෝගී සියම් පැරගන් සාප්පු සංකීර්ණයේ තම විවාහය සඳහා එක්ව ඇති බව සඳහන්.

බැංකොක්හි අනෙකුත් සමලිංගික යුවල නගරයේ දිස්ත්‍රික් කාර්යාල 50 න් ඕනෑම එකකට පැමිණ විවාහය ලියාපදිංචි කරගනු ඇති.

රට පුරා, සමලිංගික යුවල 1,448ක් අද දවසේ විවාහ වීමට අපේක්ෂා කරන බවයි LGBTQ ක්‍රියාකාරීන් පවසන්නේ.

ඒ විවාහ සමානාත්මතාවය සඳහා වන 1448 වන වෙනස ව්‍යාපාරයට උපහාරයක් ලෙසයි.

1448 යනු තායි සිවිල් සංග්‍රහයේ විවාහය පිළිබඳ අර්ථ දැක්වීම ආවරණය කරන වගන්තිය බව සඳහන්.

Share This