ගංවතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
මහවැලි ගඟ, කලා ඔය සහ දැදුරු ඔය සඳහා පසුගිය 19 වැනිදා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ, දිවයින පුරා වර්ෂාපතන තත්ත්වය අඩුවීම හේතුවෙන්.
කෙසේ වෙතත් ගංඟාවල ජලමට්ටම්වල සිදු වන වෙනස්කම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවයි, ඔවුන් නිවේදනය කළේ.