කුරින්චකර්නි පාලම ඉදිකිරීමේ කටයුුතු යළි ඇරඹේ
කුරින්චකර්නි පාලමේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 10.5ක වෙන් කර තිබෙනවා.
ඒ සඳහා පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් යෙදවීමට නියමිත බවයි, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ.
ඊට අදාළ සංශෝධිත ගිවිසුම මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්යක්ෂ (නීති) අබ්දුල්මොසෙන් ඒ. අල්මුදල්ලා විසින් සිදු කළ බව සඳහන්.
ඒ අනුව පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ගජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරු කිරීමට අපේක්ෂිතයි.
ඉන් අනතුරුව එය කුරින්චකර්නි පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වෙන් කර ඇති බවයි, මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයක් පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු සඳහා මෙම පාලම භාවිත කරනු ලබනවා.