දෙසැම්බර් මාසයේ උද්ධමනය අඩු වෙයි
2024 වසරේ දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය ඍණ 2.0% දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඍණ 1.0% දක්වා අඩුවී ඇති බව සඳහන්.
ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී ඍණ 2.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.