සතොස වෙළඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට අවධානය
පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව 2025 වසරේ සතොස වෙළෙඳසැල් 150 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා අලුතින් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය මාස 03 තුළ භාණ්ඩ මිල 17% කින් අඩු කිරීමට රජයට හැකිවූ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.