ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට
ඊශ්‍රායල රජය ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟ නව සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇති අතර, එය ඉරිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
රාත්‍රිය දක්වා පැවති පැය ගණනක් සාකච්ඡාවලින් පසුව ඊශ්‍රායල කැබිනට්ටුව මෙම තීරණය ගෙන තිබෙනවා.
මීට ඡන්දය පළ කිරීමේදී අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙක් ගිවිසුමට විරුද්ධව ඡන්දය ලබා දුන් බවත් සඳහන්.
ආරක්ෂක කැබිනට් මණ්ඩලය මීට පෙර ගිවිසුම අනුමත කිරීමට නිර්දේශ අර තිබුණා.
මෙම නව සටන් විරාම ගිවිසුම යුද්ධයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහාය වන බවයි අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ.
මීට මැදිහත්කරුවන්ක වූ කටාර්, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊජිප්තුව විසින් දින දෙකකට පෙර මේ පිළිබඳව නිවේදනය කළා.
නමුත් එය බලාතමනක වීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වුණා.
මේ වන විට නිදහස් කෙරෙන ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද දැනුවත් කර ඇති අතර, හෙට සිට හමාස් භාරයේ සහ ඊශ්‍රායල රජය භාරයේ සිටින ගිවිසුම යටතේ එකඟ වූ ප්‍රාණ ඇපකරුවන්ට නිදහස හිමිවනු ඇති.