පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක්
පාකිස්තාන අධිකරණයක් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඊ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙන්.
මෙය ඛාන් මුහුණ දුන් මූල්‍යමය වැරදි සම්බන්ධයෙන් විශාලතම නඩුව බව සඳහන්.
2023 අගෝස්තු මාසයේ සිට ඛාන් සිරගත කර ඇති රාවල්පින්ඩි හි දූෂණ විරෝධී අධිකරණයක් විසින් මෙම තින්දුව ලබා දී තිබෙනවා.
72 හැවිරිදි හිටපු ක්‍රිකට් තරුව, 2018 සිට 2022 දක්වා ඔහුගේ අගමැති ධූර කාලය තුළ නීති විරෝධී අනුග්රහයන් සඳහා දේපළ වෙළඳාම් කරන්නෙකු විසින් ඔහුට සහ ඔහුගේ බිරිඳට ඉඩම් තෑගි කළ බවටයි මෙහිදී චෝදනා එල්ල වී තිබුණේ.
නමුත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී වරදකරුවන් නොවන බව පවසා තිබුණා.
වෙනත් නඩුවකට අදාලව ඇප මත නිදහස්ව සිටි බුෂ්රා බිබී, නඩුවේදී ද වරදකරු වූ පසු අත්අඩංගුවට ගත් බව සඳහන්.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තුන් වතාවක් ප්‍රමාද වූයේ, මෑතකදී රජය සහ ඛාන්ගේ පක්ෂය අතර සාකච්ඡා මධ්‍යයේයි.
කෙසේ වෙතත්, මෙම තීන්දුව ඛාන් සහ ඔහුගේ පක්ෂයට ලැබුණු විශාලතම පසුබෑම බව විචාරකයන් පවසනවා.
2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසය පිළිබඳ ඡන්දයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටිනවා.