ඉන්දුනීසියාවේ ඉබු කන්ද පුපුරා යයි
ඉන්දුනීසියාවේ නැගෙනහිර හල්මහෙරා දූපතේ මවුන්ට් ඉබු ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.
ඉන් කිලෝමීටර හතරක් (සැතපුම් 2.5) ක් පමණ උස ඝන අළු වලාකුළක් අහස දෙසට විහිදී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ගිනි කන්ද අසල පදිංචිකරුවන් 3,000 ක් පමණ ඉවත් කිරීම මේ වන විට බලධාරීන් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියානු ආපදා අමාත්‍යංශය පවසනවා.
බදාදා උදෑසන ඉබු ගිනි කන්ද මිනිත්තු දෙකක් පමණ කාලයක් තුළ පුපුරා ගිය බව ඉන්දුනීසියානු ගිනි කඳු විද්‍යා ඒජන්සිය පවසන අතර,අනතුරුව ඒ අවට ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමේ මට්ටම උපරිම මට්ටමට ඉහළ නැංවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ගිනි කන්දට ආසන්නව සිටින ජනතාවට ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර එහි පදිංචිකරුවන් 3,000 ක් පමණ ඉවත් කිරීම ආරම්භ කර ඇති බව සඳහන්.
ගිනි කන්ද අසල 13,000 ක් පමණ ජීවත් වන බවත් ආපදා අමාත්‍යංශය පවසනවා.
පැසිෆික් “ගිනි වළල්ල” මත පිහිටා ඇති ඉන්දුනීසියාවේ විවිධ ගිනි කඳු පිපිරීම් මාලාවක් පසුගිය කාලය පුරා වාර්තා වූ අතර, එහි ක්‍රියාකාරී ගිනි කඳු 127 ක් ඇති බව සඳහන්.