දෙවිනුවර – තල්පාවිල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
දෙවිනුවර – තල්පාවිල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඊයේ (12) පස්වරු 4.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.
අදාළ ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් කිසිඳු ජීවීත හානියක් හෝ තුවාලවීමක් පිළිබඳ වාර්තා වන්නේ නැහැ.
අදාළ ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
අදාළ වෙඩික්කරුවන් විසින් කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්, ගේට්ටුව විවෘත කළ විගස මෙම වෙඩිප්‍රහාරය එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී එම වෙඩිල්ල අසළ තාප්පයකට වැදී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගෙන ඇති අතර වෙඩික්කරුවන් සොයා ගන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.