නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් දිවුරුම් දෙයි
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ, අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී යි.
ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ එම්.එස්.කේ.බී.විජේරත්න
යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඡායාරූප👇🏻