නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 28ක් මන්නාරම සහ පුත්තලම ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ‍

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 28ක් මන්නාරම සහ පුත්තලම ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ‍

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් විසි අට දෙනෙකු (28) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ වල්ලම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි, මන්තෙයි, වංකාලේ, සිලාවතුර සහ පුත්තලම දළුව යන මුහුදු ප්‍රදේශ තුළ 2025 ජනවාරි මස 07 වැනි දින සිට 09 වැනි දින දක්වා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්.

නීති විරෝධී ධීවර දැල් භාවිතා කිරීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කිරීම හේතුවෙන් සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් 620 ක් සමග මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17ත් 61ත් අතර වයසේ පසුවන මන්නාරම, කල්පිටිය, දළුව‍, මඩකළපුව සහ උයිලන්කුලම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව සඳහන්.

මෙම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය හා යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

Share This