අමෙරිකාවේ සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය ?

'පරමාණු බෝම්බයක් වගේ' ලැව් ගිනි පැතිරෙයි

අමෙරිකාවේ සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය ?

අමෙරිකානු ලොස් ඇන්ජලීස් හි ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර,තද සුළං මගින් ගින්න තවත් වේගයෙන් පැතිර යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.

මේ වන විට ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ  ලැව් ගිනි ගැනීම් පහක් සිදුවෙමින් පවතින බව සඳහන්.

ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල මෙම ලැව් ගිනි පැතිර යමින් පවතින අතර ඉන් යම් පමණක් පාලනය කර ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න පමණයි.

BBC

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත පොලිස් නිලධාරී රොබට් ලූනා පවසන්නේ දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ රැසකට ළඟා වීම ආරක්ෂිත නොවන බවයි.

මෙම ලැව් ගිනි නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව නියත වශයෙන්ම තවත් ඉහළ යනු ඇති බව ඔහු පවසනවා.

මේ අතර බ්‍රහස්පතින්දා ලොස් ඇන්ජලීස් සහ වෙන්චුරා ප්‍රාන්තවල මායිමේ ඇති වූ නවතම ගින්න දැල්වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුව රඳවාගෙන ඇති බවත් සඳහන්.

පැලිසේඩ්ස් හි ගොඩනැගිලි 5,300 කට වඩා විනාශ වී ඇති අතර, ඊටන් හි ගොඩනැගිලි 4,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

අතහැර දැමූ නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සමහර ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පැනවීමටත් සැලසුම් කර ඇති බවයි බීබීසී පුවත් සේවය පවසන්නේ.

මේ වනවිට මෙම ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයන් 5000 ක් පමණ යොදවා ඇති අතර, ගින්නෙන් අක්කර 35,000 කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී අවසන් බව සඳහන්.

ගින්න පාලනය කරන කාර්ය මණ්ඩල, ජලය නොමැතිව අසීරුතාවට පත්ව ඇති බවත් ඔවුන් පරාජිත සටනක නිරත වන බවට බිය වන බවත් සඳහන් කර තිබෙනවා.

Share This