විවෘත පාර්ලිමේන්තුවකට මූලා‍රම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස ක්‍රිෂාන්ත සහ රාසමානික්කම් පත්වෙයි

විවෘත පාර්ලිමේන්තුවකට මූලා‍රම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස ක්‍රිෂාන්ත සහ රාසමානික්කම් පත්වෙයි

විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස සම-සභාපතිවරුන් ලෙස අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන ‍සහ මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරු තේරී පත් වුණා.

ඒ, එහි අභිනවයෙන් රැස්වීම ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවැති අවස්ථාවේදීයි.

ක්‍රිෂාන්ත අබේසේන ‍මහතාගේ නම ජනක සේනාරත්න මහතා විසින් යෝජනා කළ අතර එය භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින්  එය ස්ථිර කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ නම යෝජනා කළේ, විපපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.

එය නලින් බණ්ඩාර මහතා විසින් ස්ථිර කළ බව සඳහන්.

එමෙන්ම මෙම සංසදයේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස චමින්ද්‍රාණී කිරිඇල්ල, චන්දන සූරියආරච්චි, එස්. එම්. මරික්කාර් සහ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් තේරී පත් වුණා.

මෙම සංසදය අමතමින් අභිනවයෙන් පත්වූ සම සභාපතිවරුන් සඳහන් කළේ පාර්ලිමේන්තුව මහජනතාවට සමීප කරලීම වෙනුවෙන් මෙම සංසදය හරහා සිදු කළ හැකි සියලු කටයුතු සිදුකිරීමට බලා පොරොත්තු වන බවයි.

Share This