විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අද (09) මීට සුළු මොහොතකට පෙර පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

—————————————-

2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ලබන මස 17 වැනි දා සිදු කිරීමට නියමිතයි.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ලබන මස 18 වැනි දා සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර අදත් පෙරවරු 9.30ට කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Share This