රියදුරෙකු නොමැති මෝටර් රථයක මිනිසෙක් සිරවේ

රියදුරෙකු නොමැති මෝටර් රථයක මිනිසෙක් සිරවේ

රියදුරෙකු නොමැතිව ගමන් කරන මෝටර් රථ අමෙරිකාවේ සුලභ දසුනක්.

ලංකාවේ අපිට ඒ තාක්ෂණය අත්දකින්න තව කොච්චර කල් බලාගෙන ඉන්න වෙයිද කියලා නම් දන්නේ නැහැ.

කොහොම වුණත්, පහුගිය දවසක රියදුරෙකු නොමැතිව ගමන් කරන මෝටර් රථයකට ගොඩවුණ මගියෙක්ට අකරතැබ්බකට මුහුණ දෙන්න වෙලා.

ඔහු නමින් මයික් ජෝන්ස්.

ඇරිසෝනාවේ ස්කොට්ස්ඩේල් හි ගුවන් තොටුපළකට යන්න තමයි ඔහු මෙම රියදුරෙකු නොමැතිව ගමන් කරන මෝටර් රථයට ගොඩ වෙලා තියෙන්නේ.

හැබැයි ගමනේ ටික දුරක් ගියාට පස්සේ එම වාහනයේ දෝෂයක් නිසා රවුමක හැඩයට කැරකෙන්නට පටන් අරගෙන.

රියදුරු නොමැති මෙම රථයේ මෝටර් රථය නැවැත්වීමට හෝ උදව් ලබා ගැනීමට නොහැකිව වාහනය තුළ සිරවී ඉන්න එක තමයි මයික් ජෝන්ස්ට ඇතිව තිබෙන එක විසඳුම.

නමුත් මේ අවස්ථාවේදී ඔහු තමන් මුහුණ දීපු අත්දැකීම රූගත කරලා තියෙනවා.

ඔහු මෙම කුලී රථ සමාගමට ඇමතුමක් ගත්තත් ඔවුන්ටත් රථය පාලනය කිරීමට හැකියාවක් ලැබී නැහැ.

කොහොම නමුත්,තම ගුවන් ගමන මග හැරීමට සිදු වෙතැයි ඔහු බියට පත් වූවත් පසුව ඔහුට එම රථයෙන් පිටතට පැමිණීමට හැකියාව ලැබුණු බව සඳහන්.

Share This