සබරගමු මහා සමන් දේවාලය යළි විවෘත කෙරේ
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ කටයුතු සදහා තාවකාලික නිලමේවරයෙකු පත් කිරීමට එරෙහිව දියත් කළ විරෝධතාව අවසන් කරමින්.
ඒ අනුව එම දේවාලයේ කපු මහතුන් අද උදෑසන තේවා කටයුතු සිදු කර තිබෙනවා.
මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් සිදු කළ ඉල්ලීම් සලකා ඔවුන් මෙලෙස යළි දේවාලයේ රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.
හිටපු බස්නායක නිලමේවරයාගේ ධුරකාලය අවසන් වීම හේතුවෙන් සබරගමුව මහ සමන් දේවාලය සඳහා තාවකාලික නිලමේවරයෙකු ලෙස එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ගනු ලැබු එම තීරණයට විරෝධය පාමිනුයි දේවාලයේ කපු මහතුන් ඇතුළු පිරිස මෙලෙස විරෝධතාවේ නිරත වුණේ.