ජනපති 12 වැනිදා චීනයට ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 12 වැනිදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත බවට වාර්තා වනවා.
චීන රජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිත අතර, මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.