ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බලයි

ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බලයි

මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ, ජනවාරි 03 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයේදීයි.

පසුගිය වසර කිහිපය තුළ පාසල් දරුවන් සහ පාසල්, වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

විශේෂයෙන් පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය විශේෂ අවධානය යොමු කළ බව සඳහන්.

එමෙන්ම මෙරට ද්විතීයක අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

Share This