මෝදි කැනඩා ප්‍රචණ්ඩත්වය හෙළා දකී: කැනේඩියානු රජය යුක්තිය සහතික කර නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි අපේක්ෂාවෙන්

මෝදි කැනඩා ප්‍රචණ්ඩත්වය හෙළා දකී: කැනේඩියානු රජය යුක්තිය සහතික කර නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි අපේක්ෂාවෙන්

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ හින්දු කෝවිලක් ඉදිරිපිට ගැටුමක් හටගෙන ඇති අතර, කැනඩා පොලීසිය මගින් පුද්ගලයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ, එය කැනඩාව විසින් තම රාජ්‍ය තාන්ත්‍රිකයන් බිය ගැන්වීමේ බියගුලු උත්සාහයක් බවයි.

කැනඩාව සමඟ ගැඹුරු වන රාජ්‍ය තාන්ත්‍රික ගැටුම සමගින්, කැනේඩියානු නිලධාරීන් කැනේඩියානු භූමියේ ඉන්දීය විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වන බවට අගමැති මෝදි චෝදනා කර තිබෙනවා. නමුත් කැනඩාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මෙම විරසකය නිසාම පසුගිය මාසයේ රටවල් දෙකම එකිනෙකාගේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් නෙරපා හැරියා.

Monara

බ්‍රැම්ප්ටන් නගරයේ හින්දු කෝවිල අසළ ඇතිවූ ප්‍රචණ්ඩත්වය ඉන්දීය ජාතිකයන්ට හිතාමතා කළ ප්‍රහාරයක් ලෙසයි අගමැතිවරයා නම් කර ඇත්තේ.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවිටෙක ඉන්දියාවේ අධිෂ්ඨානය දුර්වල නොකරනු ඇති බවත්, කැනේඩියානු රජය යුක්තිය සහතික කර නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බවත් අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් උත්සන්න වෙමින් පවතින අවස්ථාවක ටොරොන්ටෝ අසල හින්දු කෝවිලක පසුගිය ඉරිදා ඇති වූ මෙම ප්‍රචණ්ඩත්වය කැනඩා අගමැතිද හෙළා දැක ඇති බව සඳහන්.

Share This