ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පෙර නැවත විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණෙන්න
‘මේක භයානක කාලයක්’ අමෙරිකානු විශ්වවිද්‍යාල ජාත්‍යන්තර සිසුන්ට කියයි
ජනවාරි 20 වන දින ජනාධිපති ධූරයේ වැඩ භාර ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවයට පෙර, ශීත නිවාඩුවෙන් පසු ඉක්මනින් ආපසු තම විශ්වවිද්‍යාලවලට පැමිණෙන ලෙස සමහර පාසල් ජාත්‍යන්තර සිසුන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ බොහෝ එක්සත් ජනපද විද්‍යාල මණ්ඩප පුරා භීතිය සහ අවිනිශ්චිතභාවය පැතිර යමින් පවතින පසුබිමකයි.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය ආරම්භයේදී විදේශයන්හි සිසුන් අතරමං කළ ආකාරයේ තවත් සංචාරක තහනමක් පිළිබඳ ආරංචි පැතිර යමින් පවති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
2023-24 අධ්‍යයන වර්ෂය තුළ අමෙරිකා එක්සත් ජනපද විද්‍යාල සහ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1 කට වඩා සිටින බව සඳහන්.
නමුත් හිටපු ජනාධිපතිවරයා ධවල මන්දිරයට නැවත පැමිණෙන විට වඩාත් දැඩි සංක්‍රමණ ප්‍රතිපත්ති අනුගමනය කරන බවට දැනටමත් පොරොන්දු වී තිබෙනවා.
ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටවල පුද්ගලයින් සඳහා ඔහුගේ පෙර සංචාරක තහනම පුළුල් කිරීම සහ “රැඩිකල් ඇමරිකානු විරෝධී සහ යුදෙව් විරෝධී විදේශිකයන්ගේ” ශිෂ්‍ය වීසා අවලංගු කිරීම ද ඊට ඇතුළත්.
මේ නිසා ශීත නිවාඩුවට විශ්වවිද්‍යාවලින් පිටත් වූ ජාත්‍යන්තර සිසුන් ට්‍රම්ප් නැවත රාජකාරී ආරම්භ කිරීමට පෙර තම අධ්‍යාපන ආයතන වෙත පැමිණිය යුතු බවටයි අදාල අධ්‍යාපන ආයතන උපදෙස් ලබා දී ඇත්තේ.