දිස්ත්‍රික්ක හයකට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්: අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලීමක්
බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලට අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ.