වාහන පරීක්ෂා කරන විශේෂ මෙහෙයුම අද සිට

වාහන පරීක්ෂා කරන විශේෂ මෙහෙයුම අද සිට

උත්සව සමයේ මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරී‍මේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද(23) සිට ආරම්භ වනවා.

ඒ සඳහා රථ වාහන නිලධාරින් 7,000කට අධික පිරිසක් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවා.

පැය 24 පුරා අවරණය වන පරිදි මෙහෙයුම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීතී උල්ලංඝණය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් තොරතුරු 119 හා 1997 යන කෙටි දුරකතන අංකවලට ලබා දීමට හැකි බව පොලීසිය පැවසුවා.

එම අංකවලට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකතන අංක වෙත තොරතුරු ලබා දිය හැකි බවත්, මාර්ග නීති උල්ලංඝණය කිරීම හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මඟින් යොමු කිරීමේ හැකියාව ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Share This