ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බටහිර- මධ්‍යම බෙංගලා බොක්ක මුහුද ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවය අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එම කලාපය තවදුරටත් ඉදිරියේදී දුර්වල වනු ඇති බවද සඳහන්.
ඒ හේතුවෙන් බටහිර- මධ්‍යම බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශය සහ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.