වෙනිසියුලා ජනපති ඝාතනයට ආ සැකකරුවන් අල්ලයි
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමෙරිකානු ජාතිකයින් තිදෙනෙකු, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙකු සහ චෙක් පුරවැසියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනා මැඩ්රිඩ්හි ජාතික බුද්ධි මධ්‍යස්ථානයට සම්බන්ධ බවට මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.