යුධ හමුදාවේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමට පියවර
අපක්ෂපාතී දේශපාලන නායකත්වයක් තුළින් වත්මන් රජය යුද්ධ හමුදාවේ වෘත්තීයමයභාවය ඉහළ නැංවීමට කටයුතු කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පවසනවා.
රට දිනවන බලවේගයක සාමාජිකයින් වශයෙන් අධිකාරියට පත්වන නිලධාරීන්ගේ කැපවීම මේ මොහොතේ රටට අවශ්‍යය බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරී විසිර යාමේ පෙළපාලියේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍යය අරුණ ජයසේකර මහතා,
“ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධානතම පුහුණු ආයතනයයි.. එහි කෙඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුවීමට අවස්ථාවක් ලැබීමත්, අවසානයේ එම පුහුණුව සාර්ථකව අවසන් කිරීමට ලැබීමත් ගෞරවයක් සහ භාග්‍යයක් ලෙස සලකන්න කැමතියි.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් මම ඔබගේ හමුදා ජීවිතයේ වටිනාම ජයග්‍රහණයක් වන ඔබගේ අධිකාරිය අද ප්රදානය කළා.. අද ඔබ සියලු දෙනාම ඔබේ ජීවිතයේ නව ගමනක් ආරම්භ කරලා තියෙනවා.. ඔබේ ඉදිරි දිගු වෘත්තීය ජීවිතයට බොහෝ අභියෝග එන්න පුළුවන්.. ඒ අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දීම තුළින් ඔබට ප්‍රීතිමත් සහ අත්දැකීම් බහුල වෘත්තීයමය ජීවිතයක් අත්කරගැනීමට හැකියාව ලැබෙයි.. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳීමට ඔබ සැවොම ගත් තීරණය ඥාණවන්ත තීරණයක් බව මම ඔබට යළි යලිත් සිහිපත් කරනවා.. ඒ තීරණය ගැනීම සඳහා ඔබ සැමට ඉඩ සැලසීම පිළිබඳව ඔබගේ ආදරණීය දෙමාපියන්ව අගය කළ යුතුයි.. ඒ වගේම ඔවුන්ට ස්තූතිකළ යුතුයි.. විශේෂයෙන්ම රටක් අර්බුදකාරී තත්ත්වයක පවතින විට නිලධාරියෙකු තම රටට සේවය කළ හැක්කේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍යය වෘත්තීයමය පුහුණුවක් ලබා ගැනීමට නව නිලධාරීන් ලෙස ඔබට හැකියාව ලැබී තිබෙනවා.. මීට දශක ගණනාවකට පෙර රට දැඩි අර්බුදයකට ලක්ව තිබියදී රටට සේවය කිරීමට අපි යුද්ධ හමුදාවට එක් වුණා.. දැන් ඔබ සියලු දෙනා රට අර්බුදයක සිටින විට රට දිනවන බලවේගය සමඟ එකතු වී සිටිනවා.. රටක ජාතික වස්තුව මහජනතාවයි.. ජනතාවගේ ආරක්ෂාව ඔබේ ප්‍රථම රාජකාරිය කරගත යුතුයි.. එය ඔබේ පරම වගකීමයි.. අද අපේ රට විශාල අර්බුදයකට මුහුණ දි සිටිනවා.. එය ආර්ථික, දේශපාලන මෙන්ම ප්රජාතන්ත්රවාදී පරිහාණිය තුලින් සමාජ කඩාවැටීමක් දක්වාම පැමිණිම පිලිබද සැලකිලිමත්විය යුතුයි.. රටේ ආරක්ෂක හමුදා වසර පහලොවකට කලින් මුදාගත් රට මේ තත්ත්වයට පත්වීම ගැන අපි කණගාටුවට පත්විය යුතුයි.. මේ අවස්ථාවේ දී ඔබේ කැපවීම, ඔබේ නායකත්වය සහ හැකියාවන් මෙන්ම ඔබේ ස්වයං විනය තුළින් ඉදිරි වසර කිහිපය තුළ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.. රටක ආරක්ෂක අංශවල මූලික කාර්යභාරය වන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමයි.. ඒ නිසා ඔබ සැමට සාමාන්‍යයෙන් තිබිය යුතු වගකීම්වලට වඩා විශාල වගකීමක් පැවරී තිබෙනවා.. ඉහළ වෘත්තීයමයභාවයක් සහිත බලවේගයක් සමඟ ඉදිරියට යාමට ඔබ එක්වීම ගැන ඔබ සැමදෙනාම ආඩම්බර විය යුතුය..
ඔබේ කැපවීම රටට අවශ්‍යයි..”
මෙම අවස්ථාවට රාජ්‍යය නිලධාරීන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදෙස් ආරක්ෂක උපදේශකවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් සහ ළඟම ඥාතීන් ද එක්ව සිටියා.
ඡායාරූප👇🏻