යාපනයේ මී උණ රෝගීන් 100ට ආසන්නයි – වව්නියාවටත් පැතිරෙයි
යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරුණු මී උණ රෝගය වව්නියාව දිස්ත්‍රික්කයටද පැතිර ඇති අතර මේ වන විට මී උණ රෝගීන් 99ක් දක්වා ඉහළ ගොස් ඇතැයි උතුරු පලාත් සෞඛ්‍ය ලේකම් කේ.ඒ. කේදීස්වරන් මහතා පවසනවා.
වව්නියාව මහ රෝහලෙන් වාර්තා වූ රෝගියා 46 හැවිරිදි ගොවියෙකු වන අතර ඔහු වව්නියාව මහ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකර සඳහා යාපනය රෝහල වෙතට මාරුකොට යවා තිබෙනවා.
ඊයේ (17) දිනය වන විට රෝගීන් 89ක් වාර්තා වූ අතර අද (18) දිනය වන විට තවත් රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.
මේ වන විට පේදුරුතුඩුව රෝහලේ රෝගීන් 23 දෙනෙකු සහ යපනය ශික්ෂණ රෝහලේ රෝගීන් 06 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම ගෙවී ගිය පැය 24 ක කාලය තුළදී පේදුරුතුඩුව රෝහලට මී උණ වැළඳුනු රෝගීන් 9 දෙනෙකු සහ යපනය රෝහලට රෝගීන් 5 දෙනෙකු ඇතුලු වී ප්‍රතිකාර ලබමින් සිටින බවට ද වාර්තා වනවා.
මේ අතර මී උණ වෛරසය වැළැක්වීම සඳහා ධීවර කර්මාන්තයේ යෙදෙන මිරිදිය, කරදිය සියලු ධීවරයින්ට මෙන්ම, ගොවීන්ට, නගරසභා මෙන්ම ප්‍රාදේශීය සභා සනීපාරක්ෂක සේවකයින් ඇතුලු 6000ක් දෙනාට ඖෂධ මෙන්ම ප්‍රතිජීවක එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බවද කේ. ඒ. කේදීස්වරන් මහතා කිය සිටියා.
මේ අතර කොළඹ සිට පශු සම්පත් නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හෙට (19) දිනයේදී යාපනයට පැමිණ නිරීක්ෂණයක නිරත වීමටද නියමිතයි.